ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරස (COVID-19) තත්ත්වය පිළිබද තතු

virus-image
නව කොරෝනා වෛරසයේ අන්වීක්ෂීය ඡායාරූපයක්
ලංකාවේ COVID-19 මුළු රෝගීන් සංඛ්‍යාව, මියගිය, සුවවූ සහ රෝගී නවතම සංඛ්‍යා දත්ත ප්‍රස්තාරිකව

2019 කොරෝනා වෛරස රෝගය හෙවත් කොවිඩ්-19 (COVID-19) යනු වයිරසයක් මගින් ඇතිවන බෝවන රෝගයකි. එයට වගකිවයුත්තා SARS-CoV-2 හෙවත් සිවිය(ර්) ඇකියුට් රෙස්පිරැටොරි සින්ඩ්‍රෝම් කොරෝනාවයිරස් - 2 යන කොරෝනා වයිරස් යන වයිර්ස් පවුලට අයත් සාමාජිකයෙකි. මෙම රෝගය මුලින්ම හදුනා ගන්නා ලද්දේ චීනයේ වුහාන් හි හුබෙයි පළාතෙන් වන අතර මේ වන විට ලෝකය පුරාම පැතිර යමින් පවතින වසංගත තත්ත්වයක් බවට පත් වෙමින් පවතී.
මේ වන විට ශ්‍රී ලංකාව තුළද මෙම රෝගීන් දිනෙන් දින වැඩි වන බව දක්නට ලැබෙන අතර එමගින් බහුතරය පසුගිය දිනවල ඉතාලිය, දකුණු කොරියාව වැනි රෝගය බහුලව පවතින රටවලින් පැමිණි පිරිස වේ.
බොහෝ දෙනෙකුට මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ලෙස සුව අතට හැරුණද තවත් පිරිසකට මෙය දරුණු නියුමෝනියා තත්ත්වයක් මෙන්ම අවයව අකර්මණ්‍ය වීමේ තත්ත්වයක් දක්වා යා හැක.

ශ්‍රී ලංකාවේ මේ වන විට සම්පූර්ණ COVID-19 රෝගීන් සංඛ්‍යාව

රෝගය වැළදෙන ආකාර

රෝගී පුද්ගලයෙකු කහිනවිට හෝ කිවිසුම් යවන විට පිටවන බිදිති මගින් වෙනත් නිරෝගී පුද්ගලයෙකුට මෙම රෝගය බෝවේ.මෙම බිදිති සෘජුවම නිරෝගි පුද්ගලයාගේ මුඛය, නාසය හෝ ඇස් මගින් ඇතුළු වීමෙන් හෝ එම බිදිති බාහිර පෘෂ්ඨයක් මත තැවරී ඇති විටෙක නිරෝගි පුද්ගලයෙකු එය ඇල්ලීමෙන් පසු දෑත් පිරිසිදු කිරීමෙන් තොරව තමාගේ මුහුණ ඇල්ලීමෙන් මෙම රෝගය වැලදිය හැක.

ආසාදනය සිදුවී රෝග ලක්ෂණ පෙන්වීමට දින 14 ක් පමණ ගත වන අතර එම කාලය තුලද ආසාදිත පුද්ගලයාගෙන් වෙනත් පුද්ගලයෙකුව රෝගය බෝවීමට හැකියාව තිබීම ඉතාම භයානක තත්ත්වයකි.

avoid-image

රෝග ලක්ෂණ

දින 1 - 3

  • සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ
  • මද උගුරේ කැක්කුම
  • උණ නැත, වෙහෙස නැත, තවමත් සාමාන්‍ය ලෙස ආහාර පාන ගත හැකිය

දින 4

  • උගුර මදක් කැක්කුම්කාරී වේ, ශරීරයට මත් ගතියක් දැනේ
  • කටහඩ රළු වීමට පටන් ගනී
  • ශරීර උෂ්ණත්වය සෙල්සියස් 36.5 ක් පමණ වේ
  • ආහාර පුරුදුවලට බාධා ඇති වීමට පටන් ගනී
  • මද හිසරදය ඇතිවේ
  • මද පාචනය (බඩයාම) ඇතිවේ

දින 5

  • උගුරේ කැක්කුම, රළු කටහඩ
  • මද ශරීර උණුසුම, සෙල්සියස් 36.5 - 37 ක් පමණ වේ
  • දුර්වල ශරීරය, හන්දි අමාරු දැනේ

දින 6

  • ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37 පමණ වන මද උණ ඇතිවේ
  • වියලි කැස්ස
  • ආහාර ගන්නා විට, ආහාර ගිලින විට හෝ කතා කරන විට උගුරේ කැක්කුම ඇතිවේ
  • ශරීරයට වෙහෙස දැනේ, වමනය එන මෙන් දැනේ
  • විටින් විට හුස්ම ගැනීමට අපහසු වේ
  • ඇගිලිවල කැක්කුම දැනේ
  • පාචනය (බඩයාම) හා වමනය

දින 7

  • උණ වැඩි වීම - සෙල්සියස් 37.4 සිට 37.8 දක්වා
  • සෙම සහිත නොනවතින කැස්ස
  • ශරීරයේ අමාරුව සහ හිසේ කැක්කුම
  • පාචනය වැඩිවීම
  • වමනය

දින 8

  • අධික උණ, සෙල්සියස් 38 පමණ හෝ ඊට වැඩි උෂ්ණත්වය
  • හුස්ම ගැනීමේ අපහසුතා - හුස්ම ගන්නාවිට පපුවේ බර ගතියක් දැනීම
  • නොනවතින කැස්ස
  • හිස රුදාව, හන්දි කොරවීම සහ පිටුපස (තට්ටම් ප්‍රදේශයේ) අමාරුව

දින 9

  • රෝග ලක්ෂණ වැඩිවේ
  • උණ වැඩිවීම
  • කැස්ස වැඩිවීම
  • හුස්ම ගැනීමට අපහසු වීම සහ හුස්ම ගැනීමට දැඩි වෙහෙසක් දැරීම

රෝගයෙන් වැළකීමට ගත යුතු පියවර

  • සෙනග ගැවසෙන ස්ථානවලට හැකිතාක් නොගොස් සිටීම හෝ එසේ යන්නේ නම් වෛද්‍ය අංශ වෙතින් නිර්දේශ කර ඇති මුහුණු ආවරණයක් පැලදීම
  • තමාගේ මුහුණ ඇල්ලීමෙන් වැලකීම
  • හැකි සෑම විටෙකම සබන් හෝ ඇල්කොහොල් අඩංගු දෑත් සේදුම් දිරයක් යොදා දෑත් සේදීම
  • රෝග ලක්ෂණ නොපෙන්වුවද ඔබ ගණුදෙනු කරන්නේ රෝගී පුද්ගලයෙකු සමග විය හැකි බැවින් පුද්ගලයින් සමග ගණුදෙනු කිරිමේදී මීටරයකට වඩා දුරකින් සිටීමට වගබලා ගැනීම

a

උපදෙස් සදහා 1390 අමතන්න

වැදගත් වීඩියෝ කිහිපයක්...

වැඩි විස්තර සදහා මෙම දිගුවට යන්න